බම්බිගෙ බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියට වැඩේ පටන් ගත්තෙ අදයි. බම්බි තාම මෙන්න මේ වගේ ගොඩක්ම පොඩි නිසා බම්බිගෙ ලෝකය ලියන්නෙ බම්බි දෝණිගෙ අම්මා. අනික බම්බි දැං කරන කියන දේවල් එයාට මතක තියෙනවැයි ලොකු වුනාම වත් ලියන්න.
බම්බිගෙ වැඩ, අම්මට දැනෙන දේවල් මේකෙන් ලියන්නයි දැනට කල්පනාව. ඒත් පටන් ගත්තට ඒව මේව කවලම් වෙලා තාම හරියට සෙට් වුනේ නැති නිසා පූර්විකාව මෙතනින් කෙලවර කරනවා. ඊ ළග පෝස්ටුවෙන් හමුවෙමු.
හරී... බම්බි දැං ටටා අත වනන්න දන්නවා.ඔන්න බම්බිගෙන් ට.ටා.. ගිහින් එන්නං.
මං
බම්බිගේ අම්මා.
බම්බි කියන්නෙ ආදරේට කටට ආව වචනයක්
ඒත් බම්බිගෙ තාත්තාත් කියන්නෙ දැං බම්බි කියලම තමා. කොහොම වුනත්ඒක පොඩ්ඩට
ලියාපදිංචි වෙන්න නොදී ටික කාලෙකින් අයින් කරන්න ඕන. නැත්නම් බම්බි ලොකු
වුනාම ලැජ්ජ හිතෙයි මේ පිස්සු නම කිව්වොත්.(මොකද බම්බිගේ අම්මට පොඩි කාලෙ
බබා කියල ලොකු වුනාමත් මට බබා කියන්න වුනාම ටිකක් ලැජ්ජ හිතුනා. ඒත් මේක
ලොකු වුනාම කිව්වෙ අයිය විතරක් නිසා ටිකක් ෂේප්. එයාත් පස්සෙ ඒක අත්තැරල
දැම්මා. ඉතින් දැං බබාගෙ අම්ම මිසක් බබා නෙවෙයි.) දැං කාලෙ සමහර අය තමන්ගෙ ළමයින්ට එයාලගෙ නමෙන් කතා කරනවා වුනාට ළමයි ආස තමන්ට ආදරෙන් දූව, පුතා කියල කියනවට මිසක් නම් යාලුවොන්ට වගේ කියනවට නෙමේනෙ.
ලොකු වුනාම එයා මේක බලයි. ඒත් ඒකට තව කාලයක්ම ඉවසන් ඉන්න එපැයි. ඒත් එයා දැං කරන කියන දේවලට මේ ගානටම ඉන්නවටත් මං වෙලාවකට ආසයිද හිතෙනවා.පොඩිම කාලෙ නං හැමදාම අම්මා උදේ නැගිට්ට ගමන් දවස් ගණිනවා මාසයක් වෙන්නෙ කවද්ද 2ක් 3ක් 4ක් 5ක් වෙලා ටිකක් ලොකු වෙන්නෙ කවද්ද කියල . දැං අම්මත් ආයෙ වැඩට යන නිසා ඒ වැඩේ කරන්නෙ නෑ. අනික දැං උදේ නැගිට්ටම තියෙන රාජකාරි අස්සෙ ඕව කරන්න තියා හිතන්නවත් වෙලාවක් නෑනෙ. බම්බිගෙ වැඩ, අම්මට දැනෙන දේවල් මේකෙන් ලියන්නයි දැනට කල්පනාව. ඒත් පටන් ගත්තට ඒව මේව කවලම් වෙලා තාම හරියට සෙට් වුනේ නැති නිසා පූර්විකාව මෙතනින් කෙලවර කරනවා. ඊ ළග පෝස්ටුවෙන් හමුවෙමු.
හරී... බම්බි දැං ටටා අත වනන්න දන්නවා.ඔන්න බම්බිගෙන් ට.ටා.. ගිහින් එන්නං.
මං
බම්බිගේ අම්මා.