Thursday, February 27, 2014

බස් කතා බස්



දැං බම්බිට අවුරුද්දයි. එත් මේක ලියන්න වු‍ණේ නෑ පටන්ගත්තට. බ්ලොග් කියවනවා විතරයි. ඔන්න අද පෝස්ටුවක් දානව කියල හිතං උදේ වෙච්ච දෙයකින්ම පටන් ගත්තා.
අද උදේ පාන්දර නැගිටින්න කම්මැලිකමට ටිකක් දවල් වෙලා නැගිට්ටා ඉතිං දඩිබිඩියෙ උයා පිහාගෙන බම්බිගෙ කෑමත් හැදුවා. ඊයෙ වෙඩිමට බම්බිත් එක්කං ගියනිසා බම්බි අදත් එයාව එක්කං යයි කියල හිතං ඉදලද මන්ද අපි එනකොට ටිකක් හිත හොද නෑ. අඩන්න ගත්ත. කොහොමහරි මොටෝ බයික් එකේ ටවුමටත් ඇවිත් එනකොටම ආපු කලින් ගිහිං පුරුදුවෙලා ඉක්මනටම යන බව දන්න බස් එකත් මගේ වෙලාවට එවෙලෙම ආව නිසා එවෙලෙ හෝල්ට් එකේ නවත්තලා තිබුණු එකේ නගින්නැතුව හොදටම එක්ස්ප්‍රස් වෙච්ච මේ බස් එකට ටක් ගාලා ගොඩවුණා. 

නැග්ගතැනම අවු 35ක විතර පොරක් ඉදං කාටද බනිනවා. මෑන් හිටගෙන හිටි තැන සීට් එක තිබ්බ නිසා මං ඉතිං ටක් ගාලා වාඩි වුණා. මොකක්ද සීන් එක කියල පිටිපස්සෙ සීට් එකේ හිටි අදුරන මල්ලිකෙනෙක්ගේ මූන බැලුවා. එයා මට හිමිහිට මොනවද කිව්වත් මට තේරුණේ නෑ.මං හිතන්නෙ මට එතන වාඩිවෙන්න එපා කිව්ව වගේ. එත් ඉතිං මේ නැව වගේ වැනිවැනි යන බස් එකේ හිටගෙන  යන්නෙ මොකටද අර මෑන් මෝඩ කමට වාඩි වෙන්නැතුව හිටගෙන බැන බැන ඉන්නෙ කියල හිතල මං සීට් එකේම ඉදං කල්පනා කලා ඒත් මේ සීට් එක මේ බනින මෑන් වාඩිවෙලා හිටි එකද දන්නෙත් නෑනෙ කියල. 


මෑන් බනිනවා හිටු කියල කව්ද ගෑණු කෙනෙකුට කව්රුත් පේන්නත් නෑ. මට තේරුණ විදියට මං දැං වාඩිවෙලා ඉන්න තැන කලින් වාඩි වෙලා ඉදල තියෙන්නෙ ඒ කෙනා. මෙයා හිටගෙන යන ගමං එයාගෙ ඇගේ ගෑවිලා වෙච්ච සීන් එකක් මේ යන්නෙ කියල මං හිතාගත්තා කතාවලින්. ඒපාර මෑන් කියනවා දැං මේ මිසුත් මට බනීද දන්නෑ මං ඇගේ ගෑවුනොත් කියල. ඒ වෙලාවෙ නැග්ග අයත් මේ මොකක්ද දන්නැති නිසා දැං සිදධිය සම්බන්ධ මං ද කියල හිතනවද දන්නෑ කියලත් මාත් ටිකක් නොසන්සුන්. කොහොමහරි කොන්දොස්තර ළමයත් පිටිපස්සට ආවා. ඇවිත් අර මෑන්ව සන්සුන් කරන්න බලනවා. දැං ඇති කෑගැහුවා ඔයා ටිකක් ඉස්සරහට යන්න කියල යන්තං මං ළගින් චුට්ටක් එහාට කළා. යාන්තං ඇති මගේ ඇගටත් ලේ ටිකක් ඉනුවා.
ටිකක් දුර ආයෙ පාඩුවෙ ගියා කියමුකො ඉතිං. ඊළග නැවතුමට ආසන්න වෙත්දි බහින්න ළං වුණු තව මෑන් කෙනෙක් ඇ කලින් මෑන්ව අප් කරා එයාගෙ පැත්තට කතා කරල. ඔන්න ඊළග නැවතුමේ කොහොමහරි බස් එක නැවැත්තුවාම එක් ගාලගෝට්ටියයි. කොන්දොස්තර ළමයා ඉස්සරින් බැහැල ඇවිත් පිටිපස්සෙන් නැග්ගා කලබලෙන්. මේ ඔයා පොඩ්ඩක් බැහැල එන්න ඔයා අර ගෑනු ළමයට ගැහුවද අහනවා. එයා ඉස්සරහට ගහිං ඉස්සරහ ඩ්‍රයිවර්ටයි ඉස්සරහ හිටි අයටයි අඩ අඩ කිව්වලු මේ මෑන් ගැහුව කියල. දැං මේ මෑනුත් බැස්සා. බිම මොනව වුණාද දන්නෑ ඉතිං. මං ඒකට හොට දැම්මෙ නෑ. ඒත් ආය කොන්දොස්තර ඇවිත් කියනවා කව්ද එයාට ගහනවා දැක්කෙ කිව්වම පස්සෙ සීට් එකේ හිටි මිස්ල දෙන්නෙක් බැහැල කිව්වා එයා ගැහුවෙ නෑ කියන්නෙ කොහොමද අර ළමයගෙ කොන්ඩෙන් අල්ලං හැහුවනෙ කියල ඒ අය ඇවිත් ආයෙ වාඩිවෙලා ඒ අයගෙ කතාවෙනවා මෙයා මහ අසහනකාරයෙක් අර ළමයට කරදර කලා කියල.
කොහොමහරි සිද්ධිය සමතයකට පත් වෙලා ද නැත්ද පරක්කුවෙලා නිසාද මන්ද ආයෙ කට්ටියම ගොඩ වුණා.අර මං දැක්කෙවත් නැති ගෑණූ කෙනා බැහැල ගිහිං. බස් එක හැල්මේ යන්න ගත්තා. ඒ අතර මගේ ළග හිටි කෙනා බහින්නයි හදන්නෙ කියල මට තේරුණා. හප්පේ දැං අර පොර මගේ ගාව වාඩි වෙයිද මං මොකද කරන්නෙ කියල මං දෙයියන්වත් මතක් කරගත්තා. කොහොහරි ඒ එක්කම පිටිපස්සෙ සීට් එකේ කෙනෙක් බැස්ස නිසා මෑන්ට එතනින් වාඩි වෙන්න අවසර ලැබුණා. දැං මේ මෑන්ට කොන්දොස්තරයි අර පස්සෙ සීට් එකේ මිස්ලයි බනිනවා උපදෙස් දෙනවා මේ බං ඔහොම හැසිරෙන්න එපා ගෑනුන්ට ගහන්න අයිතියක් නෑ උඹට තරහ ගියා කියල. ඒ අස්සෙ මෑන් කියනවා මං දැං මේ අවුරුදු ගානක් යනව බස් වල ඒත් කවදාවත් මෙහෙම වුණේ නෑ ඒකයි මට තරහ ගියේ කියල. ඉතිං මිස්ල කියනවා තරහ ගියාට ගහන්නෙ කොහොමද ගෙදර මනුස්සයට වත් ගහන්න අයිතියක් නෑනෙ කියල. ගෙදර මනුස්සයෙක් කොයින්ද මං බැදල නෑනෙ කියල මෑන් කිව්වා. 

කොන්දොස්තරත් බනිනවා මායි ඩ්‍රයිවරුයි මේ නිකං බස් එකේ යනවා නෙවේනෙ මොකක් හරි වුණානං මට කියන්න ඕනනෙ රණ්ඩු වෙන්න කලිං නැත්නං කේස් එකක් ගියානං මාව තමයි ඉස්සෙල්ලම ඇරස්ට් කරන්නෙ කියල. බස් එකේ ඉස්සරහ පොලීසියෙ වැඩ කරන සෙට් එකක්ම ඉදල තියෙනව ඒ අය අර ගෑණු ළමයට කිව්වලු කෝ ඔය මිනිහ පෙන්නන්න අපි සලකන්නං කියල. අර ගෑණු අයත් කියනවා අපි ඉතිං බලං ඉදපු එකත් හොද නෑ ඔයා එයාට ගහනකොට ඒත් අපි ඉවසං හිටිය මට වුණානං ඉතිං ඔයා මගෙන් හොදටම ගුටිකාල අරව මේව කෙලවරක් නෑ. කොන්දොස්තරත් බස් ජීවිතේ කතා කියනවා අර මෑන්ට ආදර්ශෙට. ඔවගෙ කේස් වලට ගෑණියි මිනිහයි වගේ කෙස්වලු පටලවං රණ්ඩු වෙලා පොලීසි ගිහිං ඒ රණ්ඩු වුණ මෑන්ට ඒකට සම්බන්ධ ගෑණිගෙ හීල් සපත්තුවලින් ඇති වෙන්න ගස්සපුවා අරව මේව. පොලීසිය ගන්නෙ කොහොම කිව්වත් ගෑණූ අයගෙ පැත්තෙයි කියල අර මිස්ල කියනවා. ඒ අතර මෑන් පිලිගත්තා මං එයාට ගැහුව එක වැරදියි තමයි ඒත් මට කොච්චර ලැජ්ජාවක්ද වුණේ කියනවා.
මේ බස්කොන්දොස්තර කම කරන්නෙ ආසාවට නෙමේ දැං අවුරුදු ගානක්ම කළා ඔහොම අතපය වීසි කරල ප්‍රශ්ණ විසදන්න බෑ. ආවේගෙට වැඩ කරන්න එපා.  මේ අයිති මහත්තයා හොදයි අපි කිසි අවුලක් නැතුව බස් ඉස්සර කරං යනවනෙ අපිට හොදට සලකනවා ඒකයි මං ඉන්නෙ. කියල කොන්දොස්තර ළමය ඒ අස්සෙ එයාගෙ විස්තරත් කියනවා. ඊයෙ මනුස්සයෙක් ටිකට් එකේ බැලන්ස් එක ලිව්ව එක 385 885 කරල බහින්න හදිස්සියි වගේ ඉතුරු සල්ලි ඉල්ලපු කතාවක් නුත් කිව්වා. මගේ කං පිරිලා මෙව්වැයින්. 

ඔන්න ඉතිං මාත් බහින්න නැගිට්ටා දැං මේවට කිසිම හූ මිට්ටක් තියන්නෙ නැතුව නරඹමින් හිටි නිසාද කොහෙද කොන්දොස්තර මට විහිලුවකුත් කරා ඒ හොල්ට් එකේ අපි නවත්තන්නෙ නෑ කියල. මාත් ඉදල හිටල ඒකෙ ගිහිච්ච පුරුදුයිනෙ මං කිව්වා වෙනද නවත්තනවනෙ කියල. ඉතිං කොන්දොස්තර ළමය මගෙන් අහපි වෙනද යන්නෙ නෑනෙ කියල මං කිව්වා මං ඉදල හිටල පරක්කුවුණාම යනවා හොල්ට් එකට එන බස් එකක නගිනවා කියල. ඇයි ඉතිං මං මේ දවස්වල හීතලට නැගිටින්න කම්මැලිකමට දවල්වෙලා නැගිට්ටම නිතරම පරක්කුනෙ ඉතිං මට දිවැස් තියෙනවැයි මේ බස් එක එතනින් ගියාද නැද්ද බලන්න. තියෙන එකක නැගලා පුලුවන් තරම් ඉක්මනට එනව මිසක්. එයා කිව්වා අපේ බස් එකේ එන්න අපි 8.10ක් තියල හැමදාම එනවා කියල. එකෙ ආවොත් මං හැටදාම විනාඩි 10ක් ලේට් කියල කියන්න ගියේ නෑ මං. ඇයි ඉතිං ඒකෙ ඇවිත් තවත් බස් එකක එන්න ඕනනෙ ඔපිස් එක ළට. ඕව කියන්නෙ මොකටද නේද? කොහොම හරි උදේ පාන්දර ලේ ටිකකුත් පුච්චාගෙන ආදර්ශමත් කතා ටිකකුත් අහලා යාන්තං මේ ඔපිස් එකට ආවා ඇවිත් වැඩත් තියෙනවා ඒත් ඉතිං මගේ බ්ලොග් එක ලියන්නෙම නෑනෙ කියල හිතුන නිසා සිද්ධිය ලියල දැම්මා කව්ද හරි කව්ද වැරදි දෙන්නම වැරදිද හිතාගන්නකෝ. ඊට වඩා කොන්දොස්තර ළමයගෙ අවවාදෙ වටිනවා අර මෑන්ට දුන්න  
, මේ ඔයාට තියෙන්නෙ කව්රු හරි ගෑණු කොනෙක්ගෙ ඇගේ වැදුන නං එයා ඒකට කැමති නැති වගේ නං එහාට වෙලා ඉන්න එක 
ඇත්ද අහගත්තා.

Wednesday, November 20, 2013

බම්බි

බම්බිගෙ බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියට වැඩේ පටන් ගත්තෙ අදයි. බම්බි තාම මෙන්න මේ වගේ ගොඩක්ම පොඩි නිසා බම්බිගෙ‍ ලෝකය ලියන්නෙ බම්බි දෝණිගෙ අම්මා. අනික බම්බි  දැං කරන කියන දේවල් එයාට මතක තියෙනවැයි ලොකු වුනාම වත් ලියන්න.

https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSCCn8LBijfEW2Tt0ART9iS867SUazFM-GWh0GGQWXoiA_SQKCAzA
බම්බි කියන්නෙ ආදරේට කටට ආව වචනයක් ඒත් බම්බිගෙ තාත්තාත් කියන්නෙ දැං බම්බි කියලම තමා. කොහොම වුනත්ඒක පොඩ්ඩට ලියාපදිංචි වෙන්න නොදී ටික කාලෙකින් අයින් කරන්න ඕන. නැත්නම් බම්බි ලොකු වුනාම ලැජ්ජ හිතෙයි මේ පිස්සු නම කිව්වොත්.(මොකද බම්බිගේ අම්මට පොඩි කාලෙ බබා කියල ලොකු වුනාමත් මට බබා කියන්න වුනාම ටිකක් ලැජ්ජ හිතුනා. ඒත් මේක ලොකු වුනාම කිව්වෙ අයිය විතරක් නිසා ටිකක් ෂේප්. එයාත් පස්සෙ ඒක අත්තැරල දැම්මා. ඉතින් දැං බබාගෙ අම්ම මිසක් බබා නෙවෙයි.) දැං කාලෙ සමහර අය තමන්ගෙ ළමයින්ට එයාලගෙ නමෙන් කතා කරනවා වුනාට ළමයි ආස තමන්ට ආදරෙන් දූව, පුතා කියල කියනවට මිසක් නම් යාලුවොන්ට වගේ කියනවට නෙමේනෙ.

ලොකු වුනාම එයා මේක බලයි. ඒත් ඒකට තව කාලයක්ම ඉවසන් ඉන්න එපැයි. ඒත් එයා දැං කරන කියන දේවලට මේ ගානටම ඉන්නවටත් මං වෙලාවකට ආසයිද හිතෙනවා.පොඩිම කාලෙ නං හැමදාම අම්මා උදේ නැගිට්ට ගමන් දවස් ගණිනවා මාසයක් වෙන්නෙ කවද්ද 2ක් 3ක් 4ක් 5ක් වෙලා ටිකක් ලොකු වෙන්නෙ කවද්ද කියල . දැං අම්මත් ආයෙ වැඩට යන නිසා ඒ වැඩේ කරන්නෙ නෑ. අනික දැං උදේ නැගිට්ටම තියෙන රාජකාරි අස්සෙ ඕව කරන්න තියා හිතන්නවත් වෙලාවක් නෑනෙ.

බම්බිගෙ වැඩ, අම්මට දැනෙන දේවල් මේකෙන් ලියන්නයි දැනට කල්පනාව. ඒත් පටන් ගත්තට ඒව මේව කවලම් වෙලා තාම හරියට සෙට් වුනේ නැති නිසා පූර්විකාව මෙතනින් කෙලවර කරනවා. ඊ ළග පෝස්ටුවෙන් හමුවෙමු.

හරී... බම්බි දැං ටටා අත වනන්න දන්නවා.ඔන්න බම්බිගෙන් ට.ටා.. ගිහින් එන්නං.

මං
බම්බිගේ අම්මා.